Friday, February 17, 2023

බැලේ නර්තන කලාව


    

    බැලේ රංග කලාවේ ප්‍රභවය පිළිබද විමසීමේ දී එය ඉතාලියෙන් ප්‍රභවය වූ බව පෙනේ.මෙහි ප්‍රාථමික අවස්ථාව වුයේ ඉතාලියෙන් ප්‍රභවය වූ බව පෙනේ.මෙහි ප්‍රාථමික අවස්ථාව වුයේ ඉතාලි රාජකීයයන්ගේ ප්‍රිය සම්භාෂණ අවස්ථාවයි. මෙකී අවස්ථාව වුයේ ඉතාලි රාජකීයයන්ගේ ප්‍රිය සම්භාෂණ අවස්ථාවයි. මෙකී අවස්ථාවේ දී ඔවුනොවුන් ම රංගනයෙන් ඊට සහභාගී ඇති අතර, රාජකීය ආරාධිතයන් සතුටු කිරීමද මෙහි ප්‍රධාන අරමුණ වී ඇත.මෙසේ ආරම්භ වූ රංග කලාව 15 ශත වර්ෂයේ ඉතාලියේ හඳුන්වා ඇත්තේ “බැල්ලෝ (Ballo)” යන නමිනි.පුරාතන ඉතාලි නාමයක් වූ බැල්ලෝ යනු නැටුම (ඩාන්ස්) යන අර්ථය ගෙන දෙන වචනයකි. ඒ අනුව පසු කලෙක දී Bello යන වචනයට ඩාන්ස් යන වචනය භාවිත කර ඇත.පසුව එය බැලටෝ (balleto) යන නමින් හැඳින් වේ. ඉතාලි භාෂාව ප්‍රංශයට සංක්‍රමණය වීමත් සමඟ Ballet යන වචනය භාවිතයට පැමිණ ඇත.එසේ වෙතත් 15,16,17 යන සියවස් වල ඉතාලියේ ආරම්භ වූ මෙම රංග කලාව ප්‍රංශය කර ගොස් එහි සංවර්ධය වේ දියුණු වී ඇත.

    1489 දී ඉතාලියේ “තොතෝනා ” හි කුලීන පවුලක විවාහ උත්සවයක් සඳහා මුල්ම බැලේ නාට්‍ය රංග දක්වා ඇති බව පොත පතෙහි සඳහන් වේ.ග්‍රීක කතාවක් ඇසුරින් නිර්මාණය වූ මෙම නාට්‍ය සඳහා රංගනයෙන් දායක වී ඇත්තේ ඉතාලි පවුල් වල රාජකීයයන්ය.මෙය ආභාෂයට ගනිමින් පසු කලෙක ප්‍රංශයේද බැලේ නාට්‍ය බිහි වී ඇත.ඒ අනුව ප්‍රංශයේ සිටි ඉතාලි බිසවක් වූ කැතරින් ඩී. මෙඩිසිගේ මුලිකත්වය මත “බැලේ කොමික් ඩිලාරෙනේ” නම් බැලේ රංගනය 1581 දී ඉදිරිපත් කර ඇත.

    ඉතාලියෙන් හා ප්‍රංශයෙන් අනතුරුව බැලේ සම්ප්‍රදාය 1850 වෙද්දී රුසියාවට ඇතුල් වී තිබිණ. නැටුම් ලෝකයේ නිර්මාණාත්මක කේන්ද්‍රය වන්නට එවක දී රුසියාවට හැකියාව ලැබිණ. පොයින්ට් නැටුම් හෙවත් කකුල් පෙනෙන ලෙසින් හැඳගත් සායවල් සහිතව ඇඟිලි තුඩු වලින් ඉස්සී කරන නර්තනය කාන්තාවන්ට පමණක් සීමා වුණි. වැස්ලාව් නිජින්ස්කි නම් පිරිමි රුසියානු බැලේ නර්තන ශිල්පියා ඒ පොයින්ට් ක්‍රමයට අනුව නටන්නට හැකි වූවෙකි. විසිවැනි සියවස මුල් කාලයේ දී සර්ජේ ඩියාගිලෙව් (Serge Diaghilev) විසින් රුසියාවේ හැම පැත්තකින්ම ඉතාමත් ඉහළ දස්කම් පෑ නර්තන ශිල්පීන්, නර්තන නිර්මාණකරුවන්, සංගීතඥයන් හා ගායකයන්ව එකතු කර Ballet Russes නම් එකතුව ප්‍රංශයේ දී ආරම්භ කරන්නට සමත් විය. විප්ලවය හටගත් නිසා රුසියන් සමාජයට සිය රැඟුම් පෙන්වන්නට අසමත් වුවාට ඔවුන් යුරෝපය පුරාත්, උතුරු හා දකුණු ඇමෙරිකාවලටත් රැඟුම් ගෙනෙන්නට සමත් වූහ. 

    බැලේ සංදර්ශනයන් අද දක්වාම ඉතා දැකුම්කළු වේදිකා නිර්මාණවලින් යුතුයි. සංකීර්ණ ලෙසින් නිර්මාණය කරන ලද ගවුම් සහ ඇඟිලිවලින් ඉස්සී නටන්නට හැකි පොයින්ට් සපත්තු සහ අරුමෝසම් හිස් පළඳනා යනාදියෙන් බැලේ නර්තනයන් තවමත් රජ වාසල පරිසරය පිළිබිඹු කරයි.

    බටහිර බැලේ තුලින් පිළිබිඹු වන විශේෂ ලක්ෂණ 

  • රිද්මානුකුල  චලන ඇත.
  • පසුබිම් ගායනය නැත.
  • පාදයේ ඇඟිලි තුඩු වලින් රංගනය කරයි.
  • බටහිර වාද්‍ය භාණ්ඩ යොදා ගනී.

    බැලේ අංඟ චලන සාමාන්යයෙන් ඉතා නම්යශීලීව රඟ දක්වනු ලැබේ. ආරම්භයේ සිටම ශරීරය ඒ සඳහා සුදුසු ආකාරයෙන් නිර්මාණය කරගනී. බටහිර බැලේහි ප්‍රධාන  චලන මාධ්යය රිද්මයානුකූල චලනයි. වේදිකාවෙන් ඉහළ වූ චලන ද ඔවුන් සිදුකරන නිසා රංඟවස්ත්රාභරණ දරා ගැනීමට පහසු විය යුතුය. ශරීරයේ ප්රමාණයටම වූ ඇඳුම් මේ නිසා ඔවුන් භාවිත කරයි. මුල් කාලයේ දී බැලරිනාවන් භාවිත කළේ වළලුකර දක්වා දික් වූ ගවුමකි. එය රොමැන්ටික්ටුටු ලෙස හඳුන්වයි. අද වනවිට බොහෝ බැලේ නාට්යයවල බැලරිනාවන්ගේ රංඟවස්ත්රාභරණ අතර දක්නට ලැබෙන්නේ රැලි සහිත කෙටි ගවුමකි. එය ක්ලැසික්ටුටු ලෙස හඳුන්වයි.


    බැලේ නර්තනයේ බොහෝ විට දක්නට ලැබෙන්නේ ඇඟිලි තුඩු මූලික කරගත් රංඟනයකි. සමහර චලනයන් අතර මහපට ඇඟිල්ල පමණක් භාවිත කරමින් සිදුකරන චලනයන් ද දක්නට ලැබේ. ඔවුන්ට මේ සඳහා පාදයන්ට හා ඇඟිලිවලට ඉතා පහසු වූ පාවහන් භාවිතය වැදගත් වේ. ඒ සඳහා යෝග්ය වූ ශක්තිමත්ව හා සැහැල්ලු පාවහන් බැලේ නාට්යය රංඟවස්ත්රාභරණ ශිල්පියා විසින් නිර්මාණය කෙරේ. එම පාවහන් ස්කල්ෆෙ ලෙස හඳුන්වයි.

බැලේ නර්තනයේ දැකිය හැකි සුවිශේෂ වූ ලක්ෂණයක් වන්නේ ශරීරයේ රේඛා කැපී පෙනෙන පරිදි නර්තනයේ යෙදීමයි. මේ නිසා ඔවුන් ඇඳුම් පැළඳුම් සපයා ගැනීමේ දී ද වඩාත් සැළකිලිමත් වනු දැකගත හැකිය. බැලේ සඳහා භාවිත කෙරෙන පුහුණු ඇඳුම් කට්ටලය ද ඉතා ඇදෙන සුලු රෙදිවලින් සකස් කළ ශරීරයට ඇලී සිටින පරිදි නිර්මාණය කරගත් ලියෝ ටාඩ් නමින් හඳුන්වන වස්ත්රයකි.




උඩරට නර්තන සම්ප්‍රදාය

            උඩරට නර්තන සම්ප්‍රදාය සත් කෝරළය සතර කෝරළය උඩුනුවර යටිනුවර දුම්බර හේවාහැට ආදී ප්‍රදේශවල ප්‍රචලිතය. මෙම සම්ප්‍රදාය භාවිතා වන ප්‍රධ...