Wednesday, April 5, 2023

උඩරට නර්තන සම්ප්‍රදාය


         උඩරට නර්තන සම්ප්‍රදාය සත් කෝරළය සතර කෝරළය උඩුනුවර යටිනුවර දුම්බර හේවාහැට ආදී ප්‍රදේශවල ප්‍රචලිතය. මෙම සම්ප්‍රදාය භාවිතා වන ප්‍රධාන වාදන භාණ්ඩය වන උඩරට බෙරය, ගැටබෙරය නම් වලින් හඳුන්වනු ලබයි. කොහොඹා  කංකාරිය සම්ප්‍රදායේ ප්‍රධාන ශාන්තිකර්මයේ කොහොඹා දෙව්  තුන් කට්ටුව සහ බණ්ඩාර දෙව් හත් කට්ටුව මෙහි ප්‍රධාන දෙවියන්ලෙස සැලකේ. මෙම යාගය හා සම්බන්ධ උපත් කථා මගින් කියවෙන්නේ පඬුවස්දෙව් රජුට වැ දෝෂයක් පහකර ගැනීම සඳහා ප්‍රථමයෙන් පවත්වන ලදී. වර්තමානයේ මෙය පවත්වනු ලබන්නේ ලෙඩ රෝග නිවාරණය, කාර්ය සාධනය අපේක්ෂා කරමින්ය. මෙහිදී තොට පේ කිරීම, මඩු පේ කිරීම වැනි මූලික චාරිත්‍රවලින් පසුව අස්නේ, ආවැන්දුම, යක් ඇනුම, කෝල්පාඩුව, මල් හත් පදය හා නාට්‍යමය ලක්ෂණවලිනයෙන් යුතු යක්කම් රඟදක්වනු ලැබේ. මෙහි ප්‍රධාන ඇඳුම් කට්ටලය වන්නේ වෙස් ඇදුම් කට්ටලයයි. මගුල් බෙර වාදනය හා අඅත් බෙර වාදනය  කංකාරියේ විශේෂ වාද්‍ය විධි කිහිපයකි. අත්‍යා බෙර වාදන යන වචනය  කොහොඹා කංකාරියට පමණක් සුවිශේෂ වන මාධ්‍ය අංගයක් ලෙස සැලකේ.  

    උඩරට නැටුම් වර්ග

වෙස් නැටුම්

උඩරට වෙස් නර්තනය ශ්‍රි ලංකාවේ ඉතාමත් වැදගත් සංස්කෘතික අංගයකි. එය ශ්‍රී ලංකාවේ අනන්‍යතාවය සංකේතවත් කරන ඉතාමත් වැදගත් සංස්කෘතික අංගයකි. වෙස් නර්තන කලාවේ එන ඉතාමත් වැදගත් නර්තන අංගයකි කොහොඹ කංකාරිය. මහා සම්මත රජ දවස ඔහුගේ විවාහය නිමිත්තෙන් මෙම වෙස් නර්තනය මුලින්ම නර්තනය කල බව පතපොතේ සඳහන් වේ.

වෙස් නර්තන ශිල්පියෙකුගේ ඇඳුම් කට්ටලය දෙවිවරු විසිහතර දෙනෙකුගේ ඇඳුම් ආයිත්තම් වලින් සකස් වුවක් බව නර්තන කලාවේ සඳහන් වේ. එම නිසා නර්තන ශිල්පින් ඉමහත් ගෞරවයෙන් මෙම වෙස් ඇඳුම් කට්ටලය භාවිතා කරයි. නුවර ඇසල පෙරහැරේ ඉතාමත් විචිත්‍රවත් නර්තන අංගයක් ලෙස ද මෙම වෙස් නර්තන අංගයන් හැඳින්විය හැක. එය ඇසල පෙරහැරේ අනිවාර්ය අංගයකි.


වෙස් නැට්ටුවන් හට දලදා පෙරහැරෙහි කංකාරි දෙවොල් සීමාවෙන් පිටතදී නැටුම් ඉදිරිපත් කිරීමට අවශ්ථාව ලැබුණේ 19 වන සියවසෙහි අග භාගයේ සිටය. විචිත්‍ර වෙස් ඇදුමෙන් සැරසුණු වත්මන් වෙස් නැ‍ට්ටුවා උඩරට නර්තනයේ ප්‍රතිමූර්තියක් බදුය.

නෛඅඩි නැටුම

නෛඅඩි නර්තනය රග දක්වනු ලබන්නේ කොහොඹා කංකාරි‍ය සදහා සූදානම් වන අතරතුර එනම් පහන් දැල්වීමේදී හා යකුන්පිශාචයන් උදෙසා පිදේනි පුදන අතරතුරදීය. නැට්ටුවා තම ඇදුම් කට්ටලය වශයෙන් සුදු රෙද්දක්අත් පළදනාජඨාවජඨා පටියශිඛා බන්දනයදෙවුර මාලාශිලම්බු (පා සළඹ) සහ ගෙජ්ජි යනාදියෙන් සැරසෙයි. මෙය මහා විශ්නු සහ කතරගම දේවාල භූමියන්හි විශේෂ උත්සව අවශ්තාවන් සදහා ද ඉදිරිපත් කෙරෙන ඉතා සුන්දර නර්තනාංගයකි.

උඩැක්කි නැටුම

උඩැක්කි නර්තනය යනු ඉතා ප්‍රසිදධ නර්තන විශේෂයකි. දෙවියන් විසින් දෙන ලදැයි සැලකෙන මෙම උඩැක්කිය අගල් 7 1/2 පමන දිගින් යුතු ඔප දැමූ බෙරයක හැඩැති වාදව භාණ්ඩයකි. පුරාණ විශ්වාසයන්ට අනුව මෙහි බෙර සම් ඊශ්වර දෙවියන්ගේදනාදය විශ්නු දෙවියන්ගේද දායාදයන් වන අතර එය වාදනය කළ යුත්තේ ශක්‍ර දෙවියන්ගේ උපදෙස් වලට අනුකූලව දෙවියන්ගේ දේව සභාවේදීය. මෙය වාදනය කිරීමට අසීරු වාද්‍ය භාණ්ඩයකි.නැට්ටුවා විසින්ම ගායනයද සිදු කෙරෙන අතර බෙර පටි තද කරමින් හඩෙහි උස් පහත් වීම් වලට අනුව උඩැක්කිය වාදනය කළ යුතුය.

පන්තේරු නැටුම

පන්තේරුව පත්තිනි දේව මෑණියන් හට වෙන් කෙරුණු වාද්‍ය භාණ්ඩයකි. එය හැඩයෙන් බෙර සම් රහිත රබානකට සමාන වන අතර පරිධිය වටා කුඩා අත්තාලම් සවි කර ඇත. දෙවියන් මෙය යුධ ජයග්‍රහණ සැමරීමේදී වාද්‍ය භාණ්ඩයක් ලෙස යොදා ගන්නට ඇතැයි විශ්වාස කෙරෙන අතර පැරණි සිංහල රජවරුන් යුද්ධ භූමියන්හි ජයග්‍රහණ සැමරීම සදහා පන්තේරු නැට්ටුවන් යොදා ගෙන ඇත. පන්තේරු නැට්ටුවාගේ ඇදුම් කට්ටලය උඩැක්කි නැට්ටුවාගේ ඇදුම් කට්ටලයට බොහෝ සෙයින් සමාන වන නමුත් පබළු උරමාලයක් ඊට අඩංගු නොවේ.

වන්නම්

ආරම්භයේදී වන්නම් යනු ගායනා විශේෂයකි. බොහෝ විට වන්නම් වලින් විස්තර කෙරෙන්නේ ඇතාවදුරාසාවාමොණරාකුකුළාසර්පයා වැනි සත්ව විශේෂයන්හි හැසිරීම් රටාවයි. පසු කාලීනව නැට්ටුවන් විසින් වන්නම් සිය නර්තනයන්හි පසුබිම් ගායනා ලෙස යොදා ගන්නා ලදී. උඩරට නැටුම් ක්‍රමයෙහි වන්නම් 18ක් පමණ ඇත. සාම්ප්‍රදායානුකූලව වෙස් නැටුම් කට්ටලය පැළැදීමට පෙර උඩරට නැටටුවකු විසින් මේ සියලුම වන්නම් ප්‍රගුණ කළ යුතුය. මේවා අතුරින් වඩාත් ප්‍රසිදධ වන්නම් ලෙස හනුමා වන්නම (වදුරා)උකුසා වන්නම (උකුස්සා)ගජභා වන්නම (ඇතා) ගත හැක.

වන්නම් යන වචනය සෑදී ඇත්තේ වර්ණනා (සවිස්තරාත්මක වර්ණනාව) යන සිංහල වචනයෙනි. පුරාණ සිංහල ග්‍රන්ථයන්හි සැලකියයුතු වන්නම් ප්‍රමාණයක් දැකිය හැකි වුවදපසු‍ව ඒවා යම් නිශ්චිත අදහසක් ප්‍රකාශ කෙරෙක ඒකල නර්තනයන් සදහා සුදුසු ගායනා ලෙස අනුවර්තනය විය. ඉතිහාසයේ දැක්වෙන පරිදි ශ්‍රී වීර පරාක්‍රම නරෙන්ද්‍රසිංහ රජු විසින් නර්තනයට හා සංගීතයට විශාල අනුබලයක් ලබා දී ඇත.

මෙ‍ම වන්නම් 18 පුරාණ ඉසිවරයෙකු වූ ගනිතාලංකාර විසින් මහනුවර පන්සලක විසූ බෞද්ධ හිමි නමකගේ සහය ඇතිව රචනා කරන ලදැයි සැලකේ. ස්වභාවධර්මයඉතිහාසයපුරාවෘත්තගැමි ආගම් ඇදහිලි ක්‍රමජන කලා පදනම් කරගෙන රචිත මෙම වන්නම් සෑම එකකින්ම කියම් වූ මනෝ භාවයක් ඉදිරිපත් කෙරේ.            උඩරට නර්තන සම්ප්රදායේ වන්නම් 18කි.

1. හනුමා වන්නම
2. වෛරොඩි වන්නම
3. නෛඅඩි වන්නම
4. ගාහක වන්නම
5. ගජගා වන්නම
6. තුරගා වන්නම
7. සැවුලා වන්නම
8. සුරපති වන්නම
9. මයුරා වන්නම
10. සිංහරාජ වන්නම
11. මුසලඩි වන්නම
12. උකුසා වන්නම
13. අසදෘශ වන්නම
14. උරගා වන්නම
15. කිරලා වන්නම
16. ඊරඩි වන්නම
17. ගණපති වන්නම
18. උදාර වන්නම
එකී වන්නම් 18 වේ.

    කෙසේ වුවද ආරම්භයේදී පිරිමින්ට පමණක් පුහුණු වීමට අවසර තිබූ උඩරට නැටුම් සම්ප්‍රදාය මේ වන විටදී කාන්තාවන් අතරද ව්‍යාප්ත වී ඇති අතර, ඒ සදහාම විශේෂයෙන් ආරම්භ කරන ලද අධ්‍යනායතන කිහිපයක්ද ශ්‍රී ලංකාව තුල ව්‍යප්තව පවතී. නමුත් ගැහැණු නැට්ටුවන් උදෙසාම වෙන් වූ වෙස් ඇදුම් කට්ටලයක් නොමැති අතර පිරිමි නැට්ටුවන්ගේ ඇදුම් කට්ටලය ගැහැණු නැට්ටුවෙකුට ගැළපෙන ලෙස වෙනස් කර භාවිතා කිරීමට ගැහැණු නැට්ටුවන්ට සිදු වේ.
  

 
සමාජයීය, ආර්ථික සහ දේශපාලනික හේතූන් මත වර්ථමානය වන විටදී රග දක්වනු ලබන්නේ කොහොඹා කංකාරියෙන් කොටසක් පමණි. සෑම වර්ෂයකම පවත්වනු ලබන නුවර දළදා පෙරහැරේදී අපට තවමත් සාම්ප්‍රදායික උඩරට නැටුම් දැක බලා ගත හැක. මෙය උඩරට නර්තන සම්ප්‍රධාාායේ වර්තමාන තත්ත්වය වේ. 

10 comments:

උඩරට නර්තන සම්ප්‍රදාය

            උඩරට නර්තන සම්ප්‍රදාය සත් කෝරළය සතර කෝරළය උඩුනුවර යටිනුවර දුම්බර හේවාහැට ආදී ප්‍රදේශවල ප්‍රචලිතය. මෙම සම්ප්‍රදාය භාවිතා වන ප්‍රධ...