Friday, February 17, 2023

බැලේ නර්තන කලාව


    

    බැලේ රංග කලාවේ ප්‍රභවය පිළිබද විමසීමේ දී එය ඉතාලියෙන් ප්‍රභවය වූ බව පෙනේ.මෙහි ප්‍රාථමික අවස්ථාව වුයේ ඉතාලියෙන් ප්‍රභවය වූ බව පෙනේ.මෙහි ප්‍රාථමික අවස්ථාව වුයේ ඉතාලි රාජකීයයන්ගේ ප්‍රිය සම්භාෂණ අවස්ථාවයි. මෙකී අවස්ථාව වුයේ ඉතාලි රාජකීයයන්ගේ ප්‍රිය සම්භාෂණ අවස්ථාවයි. මෙකී අවස්ථාවේ දී ඔවුනොවුන් ම රංගනයෙන් ඊට සහභාගී ඇති අතර, රාජකීය ආරාධිතයන් සතුටු කිරීමද මෙහි ප්‍රධාන අරමුණ වී ඇත.මෙසේ ආරම්භ වූ රංග කලාව 15 ශත වර්ෂයේ ඉතාලියේ හඳුන්වා ඇත්තේ “බැල්ලෝ (Ballo)” යන නමිනි.පුරාතන ඉතාලි නාමයක් වූ බැල්ලෝ යනු නැටුම (ඩාන්ස්) යන අර්ථය ගෙන දෙන වචනයකි. ඒ අනුව පසු කලෙක දී Bello යන වචනයට ඩාන්ස් යන වචනය භාවිත කර ඇත.පසුව එය බැලටෝ (balleto) යන නමින් හැඳින් වේ. ඉතාලි භාෂාව ප්‍රංශයට සංක්‍රමණය වීමත් සමඟ Ballet යන වචනය භාවිතයට පැමිණ ඇත.එසේ වෙතත් 15,16,17 යන සියවස් වල ඉතාලියේ ආරම්භ වූ මෙම රංග කලාව ප්‍රංශය කර ගොස් එහි සංවර්ධය වේ දියුණු වී ඇත.

    1489 දී ඉතාලියේ “තොතෝනා ” හි කුලීන පවුලක විවාහ උත්සවයක් සඳහා මුල්ම බැලේ නාට්‍ය රංග දක්වා ඇති බව පොත පතෙහි සඳහන් වේ.ග්‍රීක කතාවක් ඇසුරින් නිර්මාණය වූ මෙම නාට්‍ය සඳහා රංගනයෙන් දායක වී ඇත්තේ ඉතාලි පවුල් වල රාජකීයයන්ය.මෙය ආභාෂයට ගනිමින් පසු කලෙක ප්‍රංශයේද බැලේ නාට්‍ය බිහි වී ඇත.ඒ අනුව ප්‍රංශයේ සිටි ඉතාලි බිසවක් වූ කැතරින් ඩී. මෙඩිසිගේ මුලිකත්වය මත “බැලේ කොමික් ඩිලාරෙනේ” නම් බැලේ රංගනය 1581 දී ඉදිරිපත් කර ඇත.

    ඉතාලියෙන් හා ප්‍රංශයෙන් අනතුරුව බැලේ සම්ප්‍රදාය 1850 වෙද්දී රුසියාවට ඇතුල් වී තිබිණ. නැටුම් ලෝකයේ නිර්මාණාත්මක කේන්ද්‍රය වන්නට එවක දී රුසියාවට හැකියාව ලැබිණ. පොයින්ට් නැටුම් හෙවත් කකුල් පෙනෙන ලෙසින් හැඳගත් සායවල් සහිතව ඇඟිලි තුඩු වලින් ඉස්සී කරන නර්තනය කාන්තාවන්ට පමණක් සීමා වුණි. වැස්ලාව් නිජින්ස්කි නම් පිරිමි රුසියානු බැලේ නර්තන ශිල්පියා ඒ පොයින්ට් ක්‍රමයට අනුව නටන්නට හැකි වූවෙකි. විසිවැනි සියවස මුල් කාලයේ දී සර්ජේ ඩියාගිලෙව් (Serge Diaghilev) විසින් රුසියාවේ හැම පැත්තකින්ම ඉතාමත් ඉහළ දස්කම් පෑ නර්තන ශිල්පීන්, නර්තන නිර්මාණකරුවන්, සංගීතඥයන් හා ගායකයන්ව එකතු කර Ballet Russes නම් එකතුව ප්‍රංශයේ දී ආරම්භ කරන්නට සමත් විය. විප්ලවය හටගත් නිසා රුසියන් සමාජයට සිය රැඟුම් පෙන්වන්නට අසමත් වුවාට ඔවුන් යුරෝපය පුරාත්, උතුරු හා දකුණු ඇමෙරිකාවලටත් රැඟුම් ගෙනෙන්නට සමත් වූහ. 

    බැලේ සංදර්ශනයන් අද දක්වාම ඉතා දැකුම්කළු වේදිකා නිර්මාණවලින් යුතුයි. සංකීර්ණ ලෙසින් නිර්මාණය කරන ලද ගවුම් සහ ඇඟිලිවලින් ඉස්සී නටන්නට හැකි පොයින්ට් සපත්තු සහ අරුමෝසම් හිස් පළඳනා යනාදියෙන් බැලේ නර්තනයන් තවමත් රජ වාසල පරිසරය පිළිබිඹු කරයි.

    බටහිර බැලේ තුලින් පිළිබිඹු වන විශේෂ ලක්ෂණ 

  • රිද්මානුකුල  චලන ඇත.
  • පසුබිම් ගායනය නැත.
  • පාදයේ ඇඟිලි තුඩු වලින් රංගනය කරයි.
  • බටහිර වාද්‍ය භාණ්ඩ යොදා ගනී.

    බැලේ අංඟ චලන සාමාන්යයෙන් ඉතා නම්යශීලීව රඟ දක්වනු ලැබේ. ආරම්භයේ සිටම ශරීරය ඒ සඳහා සුදුසු ආකාරයෙන් නිර්මාණය කරගනී. බටහිර බැලේහි ප්‍රධාන  චලන මාධ්යය රිද්මයානුකූල චලනයි. වේදිකාවෙන් ඉහළ වූ චලන ද ඔවුන් සිදුකරන නිසා රංඟවස්ත්රාභරණ දරා ගැනීමට පහසු විය යුතුය. ශරීරයේ ප්රමාණයටම වූ ඇඳුම් මේ නිසා ඔවුන් භාවිත කරයි. මුල් කාලයේ දී බැලරිනාවන් භාවිත කළේ වළලුකර දක්වා දික් වූ ගවුමකි. එය රොමැන්ටික්ටුටු ලෙස හඳුන්වයි. අද වනවිට බොහෝ බැලේ නාට්යයවල බැලරිනාවන්ගේ රංඟවස්ත්රාභරණ අතර දක්නට ලැබෙන්නේ රැලි සහිත කෙටි ගවුමකි. එය ක්ලැසික්ටුටු ලෙස හඳුන්වයි.


    බැලේ නර්තනයේ බොහෝ විට දක්නට ලැබෙන්නේ ඇඟිලි තුඩු මූලික කරගත් රංඟනයකි. සමහර චලනයන් අතර මහපට ඇඟිල්ල පමණක් භාවිත කරමින් සිදුකරන චලනයන් ද දක්නට ලැබේ. ඔවුන්ට මේ සඳහා පාදයන්ට හා ඇඟිලිවලට ඉතා පහසු වූ පාවහන් භාවිතය වැදගත් වේ. ඒ සඳහා යෝග්ය වූ ශක්තිමත්ව හා සැහැල්ලු පාවහන් බැලේ නාට්යය රංඟවස්ත්රාභරණ ශිල්පියා විසින් නිර්මාණය කෙරේ. එම පාවහන් ස්කල්ෆෙ ලෙස හඳුන්වයි.

බැලේ නර්තනයේ දැකිය හැකි සුවිශේෂ වූ ලක්ෂණයක් වන්නේ ශරීරයේ රේඛා කැපී පෙනෙන පරිදි නර්තනයේ යෙදීමයි. මේ නිසා ඔවුන් ඇඳුම් පැළඳුම් සපයා ගැනීමේ දී ද වඩාත් සැළකිලිමත් වනු දැකගත හැකිය. බැලේ සඳහා භාවිත කෙරෙන පුහුණු ඇඳුම් කට්ටලය ද ඉතා ඇදෙන සුලු රෙදිවලින් සකස් කළ ශරීරයට ඇලී සිටින පරිදි නිර්මාණය කරගත් ලියෝ ටාඩ් නමින් හඳුන්වන වස්ත්රයකි.




Wednesday, January 18, 2023

සතර අභිනයන්ගේ අර්ථ විග්‍රහය

සතර අභිනයන්ගේ අර්ථ විග්‍රහය

  ‘අභිනය’ යන්න භාරතීය නාට්‍ය ශාස්ත්‍රයට අයත් පාරිභාෂිත වචනයකි. සංස්කෘත නාට්‍යක් රඟ දැක්වීමේ දී නළුවන් විසින් ප්‍රේක්ෂකයා ඉදිරියේ විවිධ වූ කරුණු මවා පෑමේ දී ඔවුන් විසින් උපයෝගී කොට ගනු ලබන විවිධ උපක්‍රම හැඳින්වීම සඳහා සංස්කෘත නාට්‍යයේ භාවිත වන පොදු නාමය අභිනය යන්නයි.

     ‘අභි’ පූර්ව  ‘නි’ (ගෙන යාමෙහි පැමිණවීමෙහි , මඟ පෙන්වීමෙහි) ධාතුවෙන් නිපන් මෙම  ‘අභිනය’ යන්නෙන් අදහස් කෙරෙන්නේ (අභි) ගෙන - යාම (නය) යි.

    නාට්‍ය ශාස්ත්‍රය, දර්ශරූපකය හා සාහිත්‍යය දර්පනය වැනි නාට්‍ය විචාර ග්‍රන්ථයන්හි අභිනය පිළිබඳ විස්තර දැක්වෙන අතර අභිනය සහිත වූ නාට්‍යය දුකට පත්වූවන්ට, වෙහෙස මහන්සි වුවන්ට, ශෝකයෙන් පෙළෙන්නන්ට විශ්‍රාන්තිය හෙවත් විනෝදය දැනවීම පිණිස නිර්මාණය කරන ලද බව නාට්‍ය ශාස්ත්‍රයේ දැක්වෙයි.

   ‘....... දුඃඛාර්තානං ශ්‍රමාර්තානාං ශෝකාර්තානාං

තපස්විනාම්

විග්‍රාන්තිජනනං කාලෙ නාට්‍යමෙතන්මයා කෘතම් ’

     අභිනය වනාහි රසභාවාදිය අඟවන හැසිරීම් වෙහෙසකැයි මල්ලිනාථයෝ පවසත්,

 ‘..... අභිනයෝ රසභාවාදිවණඤ්ජක චෙෂ්ටා විශේෂඃ ’

    මේ නිර්වචනයෙන් එහි මූලික අදහස වඩාත් පිළිඹිබු වේ. වෙස් බැඳගත් නළු- නිළියන්ගේ වචන, ගීත, ආදිය ඇසීමෙන් ද ඔවුන්ගේ රැඟුම්, මුහුණුවල විලාසය හා වෙනත් චෙෂ්ටා බැල්මෙන් ද ප්‍රෙක්ෂකයා තුළ කිසියම් රසයක් උපදී. ඒ රසය ඔහු වෙත පැණෙන්නේ නළු නිළියන්ගේ වෙස් , වචන, රැඟුම්, මුඛරූඪ විලාසය ආදියෙනි. රසය උපදින මේ සියල්ලන්ට අභිනය යැයි කියනු ලැබේ.

    අභිනය සිව්වැදෑම් බව භරතමුනිහු මෙන් ම නන්දිකේශ්වරයෝ ද සඳහන් කරයි. ඒ අනුව, අත්,පා වැනි අංගයන්ගේ චලනවලින් අදහස් ප්‍රකාශ කිරීම ආංගික අභිනය ලෙසින් ද, ළුවන් විසින් උච්චාරණය කරනු ලබනු සියලු දෙබස් හා ගීත වාචික අභිනය ලෙසින් ද, මුහුණින් හා සිරුරෙන් සිදු කරන සියුම් භාව ප්‍රකාශනය සාත්වික අභිනය ලෙසින් ද, නළුවාගේ ඇඳුම් පැළඳුම් හා වේෂ නිරූපණය ආහාර්ය අභිනය ලෙසින් ද, අර්ථ දැක්විය හැක.

    මේ එක් එක් අභිනයන්ගෙන් කියැවෙන්නේ කුමක්දැයි විමසා බලමු.

     ආංගික අභිනය

    නාට්‍යක ඒ ඒ අවස්ථා හා ඒ ඒ භාව නිරූපණය කිරීමේ දී නළු නිළියන් විසින් ශරීරාවයන්ගෙන් කරනු ලබන ක්‍රියා, අංග චලන හා ඉරියව් ආංගික අභිනය අභිනය නම් වේ. මෙය අවස්ථාවටත්,භාවයටත්,නිෂ්පත්තියටත් උපකාරී වේ.

    ආංගිකාභිනය යන්නෙන් අදහස් කෙරෙන්නේ අංග චලනයන්ගෙන් පානා අභිනය යන්නයි. ඔලුව, ඇහිබැමි, ඇස් පිහාටු, ඇස් ගුලි, බෙල්ල ආදිය නැටවීම ද, බැලුම් හෙලීම හා හස්ත මුද්‍රා පෑම ද යමක් කිරීම ද නැටුම් මාර්ගයෙන් යම් යම් දෑ නිරූපණය කිරීම ද මීට අයත් වේ. නිදසුන් ලෙස මල් නෙලීම, අසුපිට යාම, පඩිපෙළ නැගීම හා ගඟෙන් එතෙර වීම දැක්වීම හැකිය.

   

        වාචික අභිනය

       වචන මාර්ගයෙන් පානා අභිනය වාචික අභිනයයි. සෙසු අභිනයන් වූ ආංගික, සාත්වික හා ආහාර්ය අභිනයන් තුළින් කෙරෙන්නේ වචනවල අර්ථය උද්දීපනය කිරීම හෙයින් වාචිකාභිනය නාට්‍යයේ ශරීරය බව භරතමුනිහු පවසති.

     වාචිකාභිනය යන්නෙන් අදහස් කෙරෙන්නේ නාට්‍යක දී භාවිත වන දෙබස් පමණක් ම නොවේ. නාට්‍යක කලාවේ සම්පූර්ණ සාහිත්‍යය පක්ෂයම ඊට අයත්ය. (අක්ෂර වින්‍යාසය, ව්‍යාකරණ, ඡන්දස්, අලංකාර,කාව්‍ය දෝෂ) එහෙත් ව්‍යවහාරයේ දී චාචිකාභිනය වශයෙන් ගැනුයේ වචනවල මාර්ගයෙන් භාවයන් ප්‍රකාශ කිරීමේ දී උපයෝගී කොට ගත යුතු උච්ඡාරණය, කටහඬ, ස්වරය, තාලය, ලය යනාදිය යි.

    සාත්වික අභිනය

        සාත්වික අභිනය යනුවෙන් අදහස් කරන්නේ සාත්විකභාවයෙන් නිරූපණය කිරීමේ දක්ෂතා ඇති අය විසින් සාත්වික භාවයන් නිරූපණය කිරීමයි.

         
මුහුණේ පෙනුම
, කටහඬ යනාදිය වෙනස් කිරීම හා වෙනත් ශාරීරික විකෘති ආදිය මඟින් සිතෙහි හට ගන්නා සතුට දුක ආදී හැඟීම් ප්‍රකාඔ කිරීම සාත්වික අභිනයයි. සිතෙහි පහළ වන විවිධ හැඟිම් හා චිත්ත ප්‍රවෘත්ති ඉබේම ඇතිවන ශාරීරික විකෘති අතුරින් සමහරක් තෝරා ඒවා ඒ ඒ මනෝභාවයන් හැදින්වීම සඳහා සංකේත වශයෙන් යොදා ගනු ලැබේ. නළුවා තම සිරුරෙහි ආරූඪ කර ගන්නා මේ සංකේත සාත්වික අභිනයයි. මේ සාත්විකභාවයන් නිරූපණය කරන නළුවා සඳහා දැඩි චිත්ත සංයමයක් තිබිය යුතුය.

   

     ආහාර්ය අභිනය

            මාල, වළලු හා ඇඳුම් පැළඳුම්වලින් වේෂ නිරූපණය කිරීම ආහාර්ය අභිනය බව නන්දිකේෂ්වරයෝ සඳහන් කරයි. නළුවාට රඟපෑම සඳහා උපකාර වන නාට්‍ය උපකරණ, ඇඳුම් පැළදුම් හා අංග රචනා වැනි භාහිර සාධක මෙයට අයත් වේ. එහෙයින් එය බැහැරින් ගෙනා අරුත් දෙන ආහාර්ය අභිනය යනුවෙන් හැඳින්වේ. නාට්‍යයේ රසයට අනුකූල වූ පසුබිමක් සෑදීම සඳහා නළු නිළියන් වෙස්වලා ගැනීම ද රඟපෑමේ දී කඩු, පලස්, අසුන් ආදිය පාවිච්චි කිරීම ද ආහාර්ය අභිනය නම් වේ.

 


උඩරට නර්තන සම්ප්‍රදාය

            උඩරට නර්තන සම්ප්‍රදාය සත් කෝරළය සතර කෝරළය උඩුනුවර යටිනුවර දුම්බර හේවාහැට ආදී ප්‍රදේශවල ප්‍රචලිතය. මෙම සම්ප්‍රදාය භාවිතා වන ප්‍රධ...